Tuesday, October 28, 2014

House to sell


Location : Colombo- Chilow Rd. Kochchikade

Bed Rooms 3
Dining Room 1
kitchen 1
Attached Bath Rooms 1
Bath Rooms 1

වැඩි විස්තර සඳහා විමසන්න.
රෙම්ලි.
+39 3498109518

Sunday, October 26, 2014

‘‘කොල්ලෙක් වූනාම නාවලා ගෙට ගන්න බැරියැ’’ කියු කාලය ඉවරයි

පිරිමි ළමුන්ද ගැහැණු ළමුන් මෙන් අපයෝජනයට ලක්වේ. 
දරුවන්ගේ කුඩා කාලයේ අත්දැකීම් වැඩිවිය පෝෂණය කරයි.පිරිමි ළමුන් හට කුඩා අවධියේදි නිසි ආරක්ෂාව සහ රැකවරණය සැලසීම තුලින් අනාගතයේ හිංසකාරි නොවන තරුණයන්, යහපත් සැමියන්, ආදරණිය පෙම්වතුන සහ හොඳ පියවරුන් වීමේ අවකාශය වැඩිවේ. 

කුඩා කාලයේදි ළමා අපචාර වලට ගොදුරුවූවන්මෙන්ම, ගෘහස්ථ හිංසනය සහිත පවුල් වල ඇති දැැඩි වුවන්ද වැඩිවියට පත්වූ පසු හිංසාකාරී ලෙස හැසිරීමේ ප‍්‍රවනතාවය වැඩිය. තම මව වෙත සිදු වන හිංසාකාරී බව නිතර දකින පිරිමි දරුවා වැඩිවියට පත්ව විවාහ වු පසු තම බිරිඳට ආදරණිය ලෙස සලකන්නේ කෙසේද කියා සමාජානුයෝජනය තුලින් දැනුවත් නොවේ.
කොළඹ හම්බන්තොට නුවරඑළිය සහ මඩකළපුව යන දිස්ත‍්‍රික්ක හතරක කෙයාර් ශ‍්‍රී ලංකා ජාත්‍යන්තරය ( Care International ) විසින් කරන ලද අධ්‍යයනයට අනුව පිරිමි ළමුන් මුහුණ දෙන ලිංගික අපචාරයන්, නිවසේ ඇති ගෘහස්ථ හිංසනයන්, කායික සහ මානසික අපයෝජනයන් ඔවුන් වැඩිහිටියන් වු පසු ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්වු හිංසාකාරී හැසිරීමක් ඇති කර ගැනීම සමග සම්බන්ධයක් ඇති බව පෙනී ගොස් ඇත.
මෙලෙස අපචාරයන්ට ගොදුරුවු ළමයින්ගෙන් තුනෙන් පංගුවක් පමණ වැඩිහිටියන් වු පසු ගෘහස්ථ හිංසනයේ යෙදෙන බව මෙම අධ්‍යයනය පෙන්වා දෙයි. එසේ වුවද කුඩා අවදියේ ළමා අපචාරවලට ගොදුරු වූ සියළුම පිරිමින් වැඩිහිටි වියේදී හිංසනයේ යෙදෙන්නේ යැයි නිගමනය නොකල යුතුය. මෙහිදි අවධාරණය කල යුත්තේ කුඩා කල හිංසනයට හා අපචාරයට ලක් වුවෝ ඇතැම් අවස්ථාවල වැඩිවියට පත්වූ පසු හිංසාකාරි වීමේ හෝ මානසික ආතතින්ට මුහුණ පෑමේ සම්භාවිතාවක් ඇති බවයි.
කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට සිදුවන අපරාධ නිරන්තරයෙන් වාර්තා වුවද පිරිමි දරුවන්ට සිදුවන ලිංගික අපයෝජනයන් පිළිබඳ අවධානය යොමු වීම ආරම්භ වුයේ 1990 දශකයේදි පමණය.
විශේෂයෙන්ම වෙරළ බඩ ආශ‍්‍රිත සංචාරක ව්‍යපාර හරහා බැඳුනු ළමා ලිංගික අපචාර හා වානිජ ලිංගික සුරාකෑම වාර්තා වීමට පටන් ගන්නා ලද්දේ මෙම වකවානුවේදීය. නමුත් නිවස තුල මෙන්ම පොදු සමාජය තුල තවමත් පිරිමි ළමුන්ට එරෙහිව සිදු වන හිංසන හා ලිංගික අපරාධ වාර්තා වන්නේ අඩුවෙනි.
ශ්‍රී ලංකාවේ පවුල තුල සිදු වන අපයෝජන වැඩි බව දත්ත වලින් පෙනී ගියත් පවුලෙන් පරිබාහිර පාසැල්, ටියුෂන් පන්ති, ළමා සුරැකුම් මධ්‍යස්ථාන, තාවකාලික රැඳවුම්භාර මධ්‍යස්ථාන වල සහ සම වයසේ පසුවන්නන්ගෙන්ද පිරිමි දරුවන් අපචාර වලට ලක්වේ. කෙයාර් ශ‍්‍රී ලංකා අධ්‍යනයට අනුව ළමා කාලයේ සිදුවන අපචාර ගැන පිරිමින්ගේන් තුනෙන් දෙකකට වැඩි ප‍්‍රමාණයක් වාර්තා නොකරන අතර පිරිමින්ගේන් 1/3 ප‍්‍රමාණයක් වාර්තා කරති. මෙම 1/3 ක ප‍්‍රමාණයක් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව කලවා, තට්ටම්, වෘෂණ කෝෂ ඇල්ලීම හෝ බලහත්කාරයෙන් තවත් කෙනෙකුගේ රහස් ප‍්‍රදේශ ස්පර්ශ කරවා ගැනීම වැනි විවිධ ස්වරූපයේ ලිංගික අපචාර ගැන ඔවුන් අනාවරණය කරති.
ළමා කාලයේ තමන් ලිංගික ස්වරුපයේ අනවශ්‍ය /අකමැති සිද්ධීන්ට මුහුණ දුන් බව පිරිමි දස දෙනෙකුගෙන් එක් අයෙක් වාර්තා කළේය. එසේම පුද්ගලයින් දසදෙනෙකුගෙන් එක් අයෙක් තමන්ගේ කැමැත්තකින් තොරව ඔවුන්ට බලෙන් නිරුවත් පින්තුර පෙන්නු බවද ප‍්‍රකාශ කළේය. මෙම අධ්‍යයනයට අනුව කොළඹ හම්බන්තොට නුවරඑළිය සහ මඩකළපුව යන දිස්ත‍්‍රික්ක හතරෙන් ලිංගික අපචාරයන් ට වැඩිපුර ලක්වූ පිරිමින් ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයේ වන අතර, නුවරඑළියේ සෑම තුන් දෙනෙකුගෙන් එක් අයකු මෙම තත්වයට මුහුණ දී තිබුණී. හම්බන්තොට හා මඩකලපුවේ මෙම අනුපාතය පිරිමි පස්දෙනෙකුට එක් අයෙක් විය. මෙම පිරිමි අය අපචාරයන්ට ලක් ව ඇත්තේ පවුලේ සාමාජිකයන් ඇතුළු ළමයා හොදින් දන්නා හඳුනන පුද්ගලයින් වන පවුලේ මිත‍්‍රයන් හා වයස් ගත පිරිමින්ගෙන් වීම කණගාටුවට කරුණකි. අද කාලයේ පිටස්තර පිරිමියෙකුටවත් පිරිමි දරුවෙකු ́ඕනෑවට වඩා ආශ‍්‍රය කිරිමට ඉඩ හැරිම අවධානම් බව මෙයින් පෙනී යයි. අප ජීවත්විය යුත්තේ සැක සහිතව නොව අවධානයෙනි.
පිරිමි දරුවන්ගේ තත්ත්වය මෙසේ නම් ගැහැණු දරුවන්ගේ තත්ත්වය ගැන කවර කථාද. මෙවන් තත්වයන් ඇතිවීමට පිරිමි ළමුන් හා ගැහැණු ළමුන් කෙරෙහි වෙන් වෙන් වශයෙන් ඇති කරන ලද සමාජ මත, ප‍්‍රස්ථා පිරුළු, ආප්තෝපදේශ, අනන්‍යතා සීමාකරණයන් නැතහොත් ඒකාකෘතින් ඉවහල් වේ. උදාහරණ ලෙස ‘‘පිරිමි ළමයෙක් නම් නාවලා ගෙට ගත හැකි ගෑනු ළමයි තමයි හොඳට බලා ගන්න ඕනේ ’’ යන මතය සමාජය තුල මුල් බැස ගත් මතයකි. මෙවන් මත නිසා දෙමාපියන්විසින් පිරිමි ළමුන් නොදැනුවත්වම නොසලකා හැරීමකට භාජනය කරයි.
එසේම පිරිමි දරුවා ගැන අවධානය යොමු නොකිරිමෙන් ඔවුන් පාසැල් වලින් නෙරපී යෑමට, මත්ද්‍රව්‍ය හෝ දුම්වැටි භාවිතයට වෙනත් සමාජ ව්‍යවසන වලට ගොදුරු වේ. මෙලෙස ඉවක්‌ බවක් නැතිව කුඩා පිරිමි දරුවන් රස්තියාදු ගැසීමට යෑමෙන් නරක ඇසුරට වැටී, යම් යම් කල්ලි සමග එක්වී අනාගතයේ අපරාධකරුවන් වීමට පවා ඉඩ ඇතිවේ. මේ නිසා ගැහැණු දරුවන්ට මෙන්ම පිරිමි දරුවන්ටද රැුකවරණය සහ ආරක්ෂාව නිසි පරිදි සැපයිය යුතුය.
කුඩා කල ඉගෙන ගන්නා ගීත, කවි, නාට්‍ය, චිත‍්‍රපටි, ජාතක කථා, ප‍්‍රස්ථා පිරුළු, ආප්තෝපදේශ, ජනප‍්‍රිය ටෙලිනාට්‍ය, වෙළඳ දැැන්වීම්, සංස්කෘතික ව්‍යවහාර, නවකථා හා ළමා පොත් ඇසුරෙන් පිරිමින් හා ගැහැණුන්ට වෙන්වු ලේබල් හා ඒකාකෘතින් ඇතිවේ. මේවා පිරිමි දරුවන්ට මෙන්ම ගැහැණු දරුවන්ටද අහිතකරය. එසේම පිරිමි දරුවන් හා ගැහැණු දරුවන් ඇති දැඩි කිරිමේදි පිරිමි දරුවන් තද, ශක්තිමත් දරදඬු හිත් ඇත්තන් කිරිමට සමත් ආකල්ප සමාජය තුල ඇත. උදාහරණ පිරිමි ළමයෙකු ඇඩුවොත් ‘‘ලැජ්ජා නැත්ද අඬන්න ගෑනු ළමයෙක් වගේ අඬන්න’’ ආදි යෙදුම් පිරිමි දරුවන් මුදු මොලොක් බවට පත් කරනු වෙනුවට, හිත තද දඩබ්බර කොටසක් බවට පත් කරයි. වේදනාවට හෝ හැඬිමට නොහැකිව තද සිත් ඇතිව ජීවත් වීමෙන් පිරිමින් දියවැඩියාව, අධික රුධිර පීඩනය මෙන්ම වැඩි වශයෙන් හදෘයාබාධ වලට ගොදුරු වීමෙන් මිය යයි.
ගැහැණුන්ට වඩා පිරිමින් අතර හදෘයාබාධ වැඩිවීමට හේතුවක් වන්නේ කඳුලක් ඇසට පැමිණ විට පවා නොඅඬා දරා ගෙන සිටිම නිසාය. මෙලෙස ‘‘ශක්තිමත් පිරිමින් අඬන්නේ නැත’’ යන භාවිතය තුලින් විශාල වියෝවක් වු විට පිරිමින් බොහෝ විට කඳුළු නොසැලමීටත්, දුක වියෝ කර ගැනීමට මත්පැන් පාවිච්චියට ඇබ්බැහි වී ක‍්‍රමයෙන් කායිකව හා මානසිකව විනාශයට ලක් වීමේ අවධානම වැඩිය. නිවසේ තම මවගේ අදහස් වලට මුල් තැන ඇති නිවසක ඇති දැැඩි වන පිරිමි දරුවන් බිරිඳගේ අදහස් වලට සවන් දෙන්නෙකු බවට පත් වීමට ඉඩ ඇත. කාන්තා අදහස් උදහස් වලට ගරු කරන පරිසරයක හැදෙන වැඩෙන පිරිමියා වැඩ කරන ස්ථානයේ කාන්තාවන්ගේ අදහස් වලට ගරු කිරිමට පෙළඹෙයි.එසේම තම පියා විසින් තම මවට සිදු කරන ගෘහස්ථ හිංසන අත්දැක ඇත්තකු විවාහයට පත් වු පසු තම බිරිඳට ආදරය හා ගෞරවය දක්වනනේ කෙසේදැැයි නොදැන වැඩිවියට එළඹේ. මෙලෙස කුඩා කාලයේ සිදු වන හිංසන මානසික පීඩා හා ලිංගික අතවර හේතුවෙන් පිරිමි දරුවන් වැඩි වියට පත් වු පසු සමාජය තුල නිසි පරිදි අනුකලනය වීමට බාධා ඇති කරයි.
ඇතැම් ගෘහස්ත හිංසන නිසා තම මවගේ මරණය පවා දුටු පිරිමි දරුවන් සමාජය තුල ඇති දැැඩි වන්නේ කෝපයෙන් සහ වෛරයෙනි. එසේම බීමත්ව පැමිණ මවට තඩිබාන පියවරුන්ගෙන් මව බේරා ගැනීමට ඉදිරිපත් වන පිරිමි දරුවන් තමා පියාට පහර දී ළමා අපරාධකරුවන ් බවට පත්ව රැුදවුම් කඳවුරු වල පුනරුත්ථාපනයට යවන අවස්ථා අනන්තවත් පුවත්පත් වලින් අප දැැක ඇත. මේ සියළු සිදුවීම් වලින් සනාථ කරන්නේ ගෘහස්ථ හිංසන හෝ ළමා කල දරුවන් විඳිනා අතවර නිසා, වැඩිවියට පත්වු පසුද ඒවායේ ප‍්‍රතිවිපාක විඳිමට ඔවුන්ට සිදු වන බවයි. එසේම හිංසාවට පත්වූවන් අනාගතයේ අන් අය කෙරෙහි හිංසාකාරී විමටද ඉඩ ඇත.
කුඩා වියේදි නිතරම තම පියාගෙන් ගුටි බැට කෑ පිරිමි දරුවෙකු ඇති දැැඩි වු විට තම දරුවන් සමඟ ඉතා ඉක්මනින් කෝපවන කලහකාරි පියෙක් බවට පත්වීමට ඇති අවධානම වැඩිය. ‘‘අප්පා කල දේ පුතා නොකොලොත් නොට්ටිගේ පුතා’’ යනුවෙන් ගම් වල ඇති ප‍්‍රස්ථා පිරුළක් නැතහොත් ව්‍යවහාරයක් ඇත. මෙවන් ව්‍යවහාරයන්ගෙන්ද සනාථ කරන්නේ පිරිමි දරුවන් තම පියාගේ හැසිරිම් රටාව අනුගමනය කිරිමට ඉඩ ඇති බවයි. එසේම තම පියා විසින් මවට පහර දෙන පවුලක ඇතිදැඩි වන දරුවන් බිරිඳ හා සැමියා අතර පවතින අන්‍යෝන්‍ය පුද්ගල සම්බන්ධතාවයේ ගුණාත්මක භාවය සහ සොඳුරුභාවය නොදැැන ගනියි.
‘‘පිරිමියෙක් වුනාම කොන්ද පන තියෙන්න ඕන’’ ‘‘ගෑණීගේ කට හදා ගන්න මිනිහා දැන ගන්න ඕනෑ’’‘‘තමන්ගේ ගෑනිටයි දරුවන්ටයි කන්න දෙන්න බැරි එකා පිරිමියෙක්ද ’’ යනාදි සමාජයේ මුල්බැස ගත් පිරිමින්ට අහිතකර මති මතාන්තර ඔබ විසින් අසා ඇතුවාට සැක නැත. මෙවන් ඒකාකෘතින් නිසා පිරිමින්ට වන හානිය පිරිමින් විසින් පවා හඳුනා ගෙන නැත. තම දරුවන්ට බිරිඳට කෑම බීම සැපයීමට මුදල් නොමැතිකමේ ලැජ්ජාවෙන් හා තමා වරදක් කර ඇත සිතුවිල්ල පිරිමින්ගේ සියදිවි හානි කර ගැනීම් වලට මූලික වන හේතුන් ගණනාවන් අතර එක් හේතුවකි. පොළොන්නරුවේ ගොවින් තම කුඹුරු පාලුවීමෙන් ණය ගෙවා ගැනිමට නොහැකිව සහ අඹුදරුවන්ට මුහුණ දීමට නොහැකිව සිය දිවිහානි කර ගැනීම් කර ගත් ආකාරය දුටුවේද පියා යනු හුදු ආර්ථික සැපයුම් කරුවකුට වඩා මව සමග එක්ව සෙනෙහස පෑමේ හා විඳ ගැනීමේ භුමිකාවේ සිටින්නකු වීමේ වැදගත්කම ගැන ලංකාවේ පවුල් වටහා ගතහොත් පිරිමින් සහ ගැහැණුන් යන දෙකොටසටම ජීවිතය සමසේ විඳිය හැකි වනු ඇත. මේ නිසා ගැහැණිය සහ පිරිමියා යන දෙදෙනාටම නිවසේ වැඩ පල වලට හවුල් වීමට හැකි වන අතර සහ කාන්තාවටද රැකියා කිරිමට හැකි වීමෙන් තනි පුද්ගලයෙකු මත පැටවෙන ආර්ථික වගකීම ලිහිල්වනු ඇත.එසේම කාන්තාවන් නිවසට කොටු නොවි ආර්ථික ශක්තිමත්භාවය ලබා ගැනීමටද හැකිවනු ඇත.පිරිමින්ද කාන්තාවන්ගේ ගෘහස්ත කාර්යභාරයට උර දෙන ප‍්‍රමාණය වැඩි වනු ඇත.
බොහෝ අය තමන් කුඩාකලදී තම පියවරුන්ගෙන් ඈත්වී කල් ගත කිරිමට සිදු වීම ගැන පශ්චාත්තාප වෙති. ගෘහස්ත හිංසන පනත කරලියට පැමිණිමට පෙර යම් දිනෙක ගෘහස්ත හිංසනය ගැන පැමිණිලි කිරිමට ගිය කාන්තාවක් පොලිසියට ගොස් තමාගේ සැමියා විසින් පහර දුන් බව කියා සිටියාය. මෙහිදි පොලිසිය විසින් ගැහැණියගේ පැමිණිල්ල ලියා ගැනීමට මැලිකමක් දැැක්වුයේ ‘‘තමන්ගේ මිනිහා ගහන්නේ නැති නම් අල්ලපු ගෙදර මිනිහා ගහනවාද ’’ යනුවෙන් අසමිනි. මෙවන් අදහස් මෙන්ම පිරිමිකම පෙන්වීමට නම් ගැහැණිය නිතරම ආණ්ඩු මට්ටු කල යුතුය, ගැහැණුන්ගේ කට පාලනය කල යුතුය ’’ යන වැරදි ආකාල්ප සමාජය තුල ඇති වීමෙන් පිරිමින් කාන්තාව කෙරෙහි හිංසාකාරි ආකල්ප සහ හැසිරිම් රටා ඇති කර ගැනීමට මඟ පාදයි. මෙවන් නිශේධනාත්මක ආකල්ප පිරිමින් හිංසාකාරි 
හැසිරිම් වලට තුඩුදෙන බැවින් ගැහැණුන් සහ පිරිමින් හැසිරිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඇති නිශේධනාත්මක ඒකාකෘතින් මඟ හැරවීමට මුළු මහත් සමාජය විසින් ක‍්‍රියාත්මක විය යුත්තේය. එසේම පිරිමින් වෙත ආක‍්‍රමණශීලිත්වය සහ හිංසකාරි බව ආරෝපනය කරන තුවක්කු , පිස්තෝල ආදි සෙල්ලම් බඩු දීම ගැනද දෙමව්පියන් අවධානය යොමු කල යුතුය. එසේම ගැහැණු දරුවන්ට හැලි වලං සහ
බෝනික්කන් දී ඇය ගෘහිය කාර්යයේ ගති ලක්ෂණ ආරෝපනය කිරිමට දරන වෙර අවම කොට ඇයට සාම්ප‍්‍රදායික නොවන සෙල්ලම් බඩුද ලබා දී ඇයගේ බාහිර ලෝකය සුවිසල් කිරිමට දෙමව්පියන් උත්සුක විය යුතුය. මේ තුලින් පිරිමින් සහ ගැහැණුන් සමාජය විසින් නිර්මිත ඒකාකෘතික ආකල්ප වලින් මිදි නිදහස් පුරවැසියන් ලෙස සමාජානුයෝජනය විමට ඉඩ සලසයි. එසේම පිරිමියෙකු වුනාම හොඳ කොන්දක් තිබිය යුතුය යන මතය පිරිමි මානසිකත්වය තුල නිශේධනාත්මක ලෙස බලපෑම් කරයි. තමාගේ කොන්ද පන තියෙන බව පෙන්වීමට යෑමෙන් රණ්ඩු සරුවල් වලට පැටලී පිරිමින් මරණයට පත් වීම, බස් රියේ හෝ දුම්රියේ පාපුරුවේ ගමන් කිරිමෙන් අනතුරු වලට පත්වීම සහ තම පිරිමි වික්‍රමයන් පෙන්වීමට ගොස් ඉක්මනින් මරුමුව වැලඳගත් පිරිමින් කොපමණද යන්න මෙම ලිපිය කියවන ඔබට තේරුම් යනු නොඅනුමානයි. වැඩිපුර යුද්ධ සහ ගැටුම් වලින් මිය යන්නේද, රිය අනතුරු වලින්, බීමත් කමින්, දුම් බීමෙන් මිය යන්නේ පිරිමින්ය. මෙලෙස පිරිමි දරුවන් නොසලකා හැරිම ආදිය අවම කොට, අනෙක් පිරිමින්ගෙන් සහ සමාජයෙන් දරුවන්ට එරෙහිව සිදු වන ලිංගික අතවර වලට ගොදුරු වීම් වැලැක්වීමට නිවෙස් මට්ටමේදීත්, ප‍්‍රජා මට්ටමේදී කටයුතු කිරිම ඉතා වැදගත් වේ. මේ සඳහා පාසල්, ළමා රැකවරණ ආයතන, වෘතතීය පුහුණු ආයතන, ළමා සුරැුකුම් නිවාස, තරුණ වියේ වැරදිකරුවන් රඳවා තබා ගන්නා ආයතන, වීථිවල ජීවත්වන නිවස් අහිමි ළමයින් යන සියළු කොටස් වලට අවධානය යොමු කල යුත්තේය.

Friday, October 24, 2014

විදෙස් ගත වූවන්ට විශ්‍රාම වැටුපක් සහ වාහනයක්

විදෙස් ගත වූවන්ට විශ්‍රාම වැටුපක් සහ වාහනයක්


විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමට 2015 සඳහා වූ අයවැය යෝජනා තුළින් යෝජනා ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම ඔවුන් මෙරටට ගෙන එනු ලබන මුදලින් 60% ක් දක්වා වූ වටිනාකමක්, මෝටර් රථයක් ගෙන ඒම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමටද පියවර ගෙන තිබේ.
මේ අතර විදෙස් ගතවන ශ්‍රී ලාංකාකයින් වෙන්වෙන් ද්විත්ව පුරවැසිභාවය වසර 05 ක් දක්වා දීර්ඝ කිරීමටද පියවර ගැනේ.